වලංගුතාව
BidNWin යනු වලංගු ජංගම දුරකථන සබඳතාවක් හරහා, ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රසිද්ධියේ භාවිත කළ ජංගම දුරකථන භාවිතයෙන් ලංසු තැබීමේ අවකාශයකි. කෙසේ වෙතත්, පහත සඳහන් පාර්ශ්වයන්ට ඊට සම්බන්ධ විය නොහැක.
- ප්රවර්ධකයාගේ සේවා සම්පාදකයින්
- නියෝජිතවරු ඇතුළු මෙම ලංසු තැබීමේ ක්‍රියාකාරකමට වෘත්තීමය වශයෙන් සම්බන්ධ පිරිස්.
තාක්ෂණික ගැටලු හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අලාභයන්ට BidNWin /JACK TREE සහ අනෙකුත් හවුල්කරුවන් වගකීමට බැඳී නොසිටී.
කාලයෙන් කාලයට, අපගේ තනි අභිමතයට අනුව BidNWin තරගවල නියමයන් වෙනස් කිරීමේ අයිතිය අප සතු ය.
මෙම තරගවලට අදාළ කොන්දේසි සහ නියමයන් මෙන්ම නිතර අසනු ලබන ප්‍රශ්න තීරය ද, රහස්‍යතා ප්‍රතිපත්තිය ද ඔබ නිරන්තරයෙන් පරීක්ෂා කර, සමාලෝචනය කළ යුතු ය. එවිට ඔබට අදාළ වන යාවත්කාලීන කළ අයිතීන් සහ බැඳීම් ද, ඔබට අප සමඟ ඇති දායකත්ව සබඳතාවයේ (subscription) කොන්දේසි හා නියමයන් ද පිළිබඳ නවතම තත්ත්වයන් ගැන දැනුවත් විය හැක.
සේවා දායකත්වය
BidNWin යනු දායකත්ව සබඳතාවක් මත පදනම් වූ සේවාවකි.
- දායකත්ව සබඳතා පැකේජය - දායකත්ව සබඳතාව ආරම්භ කළ දිනයේ පටන් මෙය දිනපතා ස්වයංක්‍රීයව අලුත් වෙමින් ඉදිරියට ගමන් කරයි.
- ඉල්ලුමට අනුව ලංසු මිලදී ගැනීම - ඉල්ලුම සහිත ලංසු පැකේජයක් ඔබ මිලදීගන්නා සෑම අවස්ථාවකම ඔබගෙන් අයකිරීමක් සිදුකෙරේ.
සෑම ත්‍යාගයක් සඳහාම BidNWin තරගයට ලබාදී ඇත්තේ සීමිත කාලසීමාවකි. ඒ පිළිබඳව SMS හරහා දැනුම් දෙනු ඇත. නියමිත කාලසීමාවෙන් පසු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන BidNWin පද්ධතිය ඔස්සේ ජයග්‍රාහකයෙකු තෝරාගනු ලැබේ.
පාරිභෝගිකයින්ට ලංසු ඉදිරිපත් කළ හැක්කේ ඔවුන්ගේ ජංගම දුරකථනයේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් පවතී නම් පමණි.
සියලු BidNWin තරගකරුවන්ට, ඕනෑම ත්‍යාගයක් සඳහා ලංසු අසීමිත සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැක.
පොදු කොන්දේසි සහ නියමයන්
- තරගවලට සහභාගී වීම හරහා, සියලු තරගකරුවන් මෙම කොන්දේසි සහ නියමයන් පිළිගන්නා ලදැයි සළකනු ලැබේ.
- තරගයක් ආරම්භ වනුයේ නිශ්චිතව දක්වන ලද කාලසීමාවක් සඳහා පමණි.
- තරගවලට සහභාගී වීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් තම ජංගම දුරකථන අංකය හරහා සේවාවට දායකත්ව සබඳතාවක් ලබාගත යුතු ය. අනතුරුව පරිශීලකයා තමන්ට ලැබෙන උපදෙස් අනුගමනය කළ යුතු ය.
- තරග කාලය තුළ ලබාදුන් අවම සහ සුවිශේෂී මුදල මත පදනම්ව පද්ධතිය මගින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ.
- සෑම තරගයක් අවසානයේදීම ජයග්‍රාහකයා සම්බන්ධ කරගෙන ජයග්‍රහණය පිළිබඳ දැනුම්දෙනු ලැබේ.
- සාකච්ඡා කර ත්‍යාගය වෙනස් කරගැනීමට ඉඩක් නැත.
- ජයග්රාහකයින්ට ත්‍යාග ලබාදීමෙන් අනතුරුව ඒවා පිළිබඳ කිසිදු බැඳීමක් JACK TREE සතු නොවන අතර, එම ත්‍යාගවලට අදාළ වගකීම් කාලය සම්බන්ධයෙන් ද බැඳීමක් නැත.
- ජංගම දුරකථන මෙහෙයුම් සමාගමට අදාළ ගාස්තු සම්පූර්ණයෙන්ම ගෙවන ලද පාරිභෝගිකයින්ට මෙම තරග වැඩසටහනට එක්විය හැක.
- තරග වැඩසටහන නිමා වීමෙන් පසු ත්‍යාග බෙදාදීම සිදුවේ.
- JACK TREE නියෝජිතයෙකු දුරකථන අංකය ඔස්සේ ජයග්‍රාහකයා සම්බන්ධ කරගනු ඇත. දිනක් තුළ ජයග්රාහකයාට උපරිම දුරකථන ඇමතුම් 10ක් ලබාදෙනු ඇත. එම දිනය තුළ ජයග්‍රාහකයා සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත්, ඊළඟ ජයග්‍රාහී ලංසුව ඉදිරිපත් කළ තරගකරුට ත්‍යාගය පිරිනැමේ.
- තරගය අතරතුර පැන නඟින ඕනෑම තාක්ෂණික දෝෂයක් පිළිබඳ වගකීමෙන් JACK TREE සහ එහි හවුල්කරුවන් මුදා හැරීමට තරගකරුවන් එකඟ වේ.
- පෙර තරගයකදී ජයග්‍රාහකයෙකු වූ අයෙකුට, මාස 6කට පසු නැවත තරගයකට ඇතුළු විය හැක. ඊට පෙර කාලයකදී පැවැත්වෙන තරගයකට ඉදිරිපත් වුවද, ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි වී ඇති කිසිදු දුරකථන අංකයක් ජයග්‍රහණයක් සඳහා සුදුසුකම් නොලබයි.
- දැනටමත් ඉදිරිපත් කර ඇති ලංසුවක් පිළිබඳ තොරතුරු විමසීමට, ජංගම දුරකථන අංකයේ හිමිකාරීත්වය තහවුරු කිරීම සඳහා අදාළ ජංගම දුරකථන සිම් කාඩ්පත ලියාපදිංචි කර ඇති ජාතික හැඳුනුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
- ඔබේ ලංසුව ජයග්‍රාහී ලංසුවක් වූයේ නම්, ත්‍යාගය හිමිකරගැනීමට, තරග කාලය අවසන් වනතුරු ඔබේ ගිණුම සක්‍රීයව පවත්වා ගත යුතු ය. ඔබේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවුණහොත් ඔබේ ලංසුව ද ස්වයංක්‍රීයව අහෝසි වී යනු ඇත.
- සිය අභිමතය පරිදි සක්‍රීය තරගවලට අදාළ කාලසටහන් වෙනස් කිරීමේ පූර්ණ අයිතිය JACK TREE සතු ය.
- සිය අභිමතය පරිදි මෙම කොන්දේසි හා නියමයන් වෙනස් කිරීමේ පූර්ණ අයිතිය JACK TREE සතු ය.
- තුන්වන පාර්ශ්වයේ ජංගම ජාල ක්රිකාකරු/ක්‍රියාකරුවන් සඳහා වන, https://dlg.dialog.lk/tc/vas වෙබ් අඩවියේ තිබෙන නියමයන් සහ කොන්දේසි ඔබ විසින් කියවා මැනවින් වටහා ගෙන ඇති බවට ඔබ මෙයින් එකඟවනු ලැබේ. මෙම වෙබ් අඩවිය ඔබ විසින් භාවිත කිරීම හේතුවෙන්ම මෙම නියමයන් සහ කොන්දේසි අනුගමනය කොට ඒවායින් බැඳී සිටින බවට වන ඔබගේ එකඟතාව පිළිබිඹු වන බව සලකන්න.